මෙතනින් සොයන්න

Thursday, October 21, 2010

වන් ෂොට් නොකවුට්

මේ වීඩියෝ වල තියෙන්නේ මොකක්ද දන්නවද? ටයිකොන්ඩෝ කාරයෙකුයි කික් බොක්සිං කාරයෙකුයි අතර සටනක්. සටනක් කිව්වට එක සටනක්ම නෙමෙයි. වන් ෂොට් නොකවුට් ....ඔයාලම බලන්නකෝ.....
ඔන්න මිතුරනේ කාලෙකට පස්සේ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා. අද මම කියන්න යන්නේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ගැන. ක්‍රීඩාවක් කිව්වට ටයිකොන්ඩෝ සටන් කලාවකුත් වෙනවා. ටයිකොන්ඩෝ කියන්නේ කොරියාවෙ ජාතික සටන් කලාව. 
ඉස්සෙල්ලම බලමු ටයිකොන්ඩෝ කියන එකේ තේරුම. 'ටයි' (Tae) කියන්නේ පාදයෙන් පහර දී කඩාබිඳ දමනවට. එතකොට 'ක්වොන්' (kwon) කියන්නේ අත්පහරකින් යමක් කඩාබිඳ දැමීම. 'ඩෝ' (Do) කියන එකේ තේරුම තමයි මඟ නැත්නම් ක්‍රමය. එතකොට හිතාගන්න පුලුවන්නේ මොකක්ද තේරුම .
ටයිකොන්ඩෝ කියන්නේ අත්පහරවල් punching , පා පහරවල් kicking , ඉහලට පැන කරනු ලබන පා පහරවල් jumping kicks, ආවරනය කිරීම් blocks හා මඟහැරීම් dodges වල සංකලනයක් වූ ආත්මාරක්ෂක සටන් කලාවක්.ඇත්තටම ටයිකොන්ඩෝ වසර දෙදහස් ගනනක් තිස්සේ කොරියාව වටේට තියෙන අනිකුත් රටවල් වල තිබුනු සියලු සටන්කලාවන්ගෙන් පෝෂනය වුන සටන් කලාවක්.උදාහරණයක් විදිහට කිව්වොත් ටයිකොන්ඩෝ වල ජපන් ජාතික සටන්කලාව වන කරාටේ වල ඇති ක්ෂනික රෙඛීය සංචලන රටවන් abrupt linear movements of Karate හි ආභාෂයත් චීන සටන් කලාව වු කුංෆු වලටම ආවේනික වූ නම්යශීලී ගුවන් කරනම්, වක්‍රාකාර චලන රටාවන් හා පා පහර දීමේ තක්ෂණයත් circular patterns of Kung-fu with native kicking techniques (50 කට අධික වූ කුංෆු වක්‍රාකා අත්පහරවල් ටයිකොන්ඩෝ වල හඳුනාගත හැකිය ) බොහෝ දුරට දකින්න පුලුවන්. තවත් සාමන්‍යයෙන් අභාෂය ලබාගත් සටන් කලවන් විදිහට 'ටන්සු' T'ang-su , ටේක්යොන් Taek Kyon ( 'සුභක්' කියලත් කියනවා), ටයික්වොන් Taekwon , ක්වොන්පප් kwon pup , ටයික්වොන් පප් Taekwon pup, හඳුන්වන්න පුළුවන්. තව ජුඩෝ වලිනුත් සමහර දෙවල් අරගෙන තියෙනව
ඔහොම කියනකොට තමයි මට මතක් වුනේ මගෙ which one is the BEST..!!!! කෝකද හොඳ ? පෝස්ට් එකේ mixed martial arts තමයි හොඳ කියලා comment කරපු අසිත මිත්‍රයට  මෙකෙන් පිලිතුරක් ලබෙනව නෙද කියල. හැම සටන් කලාවක්ම තමන් තනියෙන්ම හැදුන ඒව නොවෙයි. හැම එකක්ම එකකට එකක් සම්බඳයි. ඇතුලෙ තියෙන හැමදේම එලියට පේන්නෙ නෑ. හරියට මුහුදෙ පාවෙන හිමකන්ඳක් වගේ... පේන්න තියෙන්නේ 1/10 යි. අනිත් කොටස් 9 ම වතුර යට... සටන් කලාවක් හොඳ වෙන්නේ ගොඩාක් වෙලාවට ඒක හදාරන ශිෂ්‍යයාගේ නිපුනත්වය හ කැපවීම මත. කෝප්පයක් අනිත්පැත්ත හරවල තියෙනකන් වතුර බව්සරයක් වැක්කෙරුවත් බිංදුවක් පුරවන්න බෑනේ. දැනටම වතුර පිරිල තියෙන වීදුරුවකටත් වතුර පුරවන්න කොහොමවත් බෑ.







Taekwondo is an empty-hand combat form that entails the use of the whole body. Tae means "to Kick" or "Smash with the feet," Kwon implies "punching" or "destroying with the hand or fist," and Do means "way" or "method." Taekwondo thus, is the technique of unarmed combat for self defense that involves the skillful application of techniques that include punching, jumping kicks, blocks, dodges, parrying actions with hands and feet. It is more than a mere physical fighting skill, representing as it does a way of thinking and a pattern of life requiring strict discipline. It is a system of training both the mind and the body in which great emphasis is placed on the development of the trainee's moral character."
Taekwondo is a martial art that in "todays" form of self defense has evolved by combining many different styles of martial arts that existed in Korea over the last 2,000 years and some martial arts styles from countries that surround Korea. Taekwondo incorporates the abrupt linear movements of Karate and the flowing, circular patterns of Kung-fu with native kicking techniques. Over fifty typically Chinese circular hand movements can be identified in modern Taekwondo. A few of the earlier martial arts styles that contributed to Taekwondo are: T'ang-su, Taek Kyon, also known as Subak, Tae Kwon, Kwonpup and Tae Kwonpup. There are also influences from Judo, Karate, and Kung-fu.

9 comments:

  1. නියමයි ලිපිය සුපිරි !!

    ReplyDelete
  2. හික් :D
    title එක දැක්කම මං හිතුව රන්ජන් අංකල් ගැන මොකක් හරි ලියල ඇති කියල... ලොල්..! :D

    ReplyDelete
  3. Thanx guys..
    අම්මෝ... ඔය දේශපලනේට අපි නෑනෙ මචං..

    ReplyDelete
  4. මේ සයිට් එක update වෙන්නේ නැත්නම් අපි වෙන අතක් බලගන්නවා

    ReplyDelete
  5. හරි හරි ටිකක් busy ඉක්මනටම එනවා

    ReplyDelete
  6. ඇත්තට මාත් හිතුවේ රන්ජන් අන්කල් ගැන මෙනවා හරි ලියලා ඇති ‍කියලා

    මාත් මාර ආස සබ්ජෙක්ට් එකක් තමා ප්‍රාසාද් අයියේ සටන් කලාව කියන්නේ

    මන් ආසයි ටයිකොන්ඩෝ කුෆු කරාතේ වගේ සටන් කලා වලට

    ඒත් වැඩේ තියෙන්නේ මං හෙන පොඩි කොල්ලෙක්(සරලවම කියනවනම් පැඟිරිනැට්ටෙක්)

    ප්‍රසාද් අයියා ඉන්නේ කොහෙ ද? මම නම් මාතර

    ReplyDelete
  7. It was wondering if I could use this write-up on my other website, I will link it back to your website though.Great Thanks. Billigflüge

    ReplyDelete