මෙතනින් සොයන්න

Thursday, September 9, 2010

බෲස්ලී ගෙ ජිට්-කොන්-ඩෝ ශෛලිය නිර්මාණයේ දී පදනම වූ 'වින්-චූන්' wing-chun (Hope for the Future)


අපේ ශ්‍රී ලංකාවට විතරක් නෙවි මුළු ලෝකෙටම බෲස්-ලී කියන්නේ සදා අමතක නොවෙන මහා වීර චරිතයක්. ඒ ඔහු අතිදක්ෂ සටන් නලුවෙකු වූ නිසාම නෙවෙයි,ඔහු විශිෂ්ට සටන් ශිල්පියෙක් වගෙමවිශිෂ්ට සටන් ගුරුවරයෙකු වූ නිසායි. 
බෲස්ලී
අදටත් ලොව ප්‍රචලිතම සටන් ශෛලියක් වන 'පහරක් නැවැත්වීමේ මග' හෙවත් 'ජිට්-කොන්-ඩෝ' හි නිර්මතෲ වන්නේත් ඔහුම තමයි (Jeet Kun Do - the way of stop hitting fist)
මමත් ඇත්තටම බෲස්ලී ගෙ රසිකයෙක් නිසාමත් මගෙ හොඳ රසිකයෙක් වින්-චුන් ගැන අහල තිබුන නිසාත් බෲස්ලී ගෙ ජිට්-කොන්-ඩෝ ශෛලිය නිර්මාණයේ දී පදනම වූ 'වින්-චූන්' wing-chun (Hope for the Future). කියන කුංෆු ශෛලිය ගැන යමක් මගේ මිතුරන් වෙනුවෙන් ඵල කිරීමට හිතුව. බෲස්ලී 'වින්-චූන්' ඉගෙන ගත්තේ ඔහුගේ ආදරනීය ගුරුවරයා වූ යිප්-මෑන් නම් දක්ෂ කුංෆු ගුරුවරයාගෙන්.
බෲස්ලී මාස්ටර් යිප්- මෑන් සමග
වින්-චූන් ශෛලිය අනිකුත් ශෛලීන් වලින් වෙනස් ස්වභාවයක් ගන්නවා. සරළ බව, මෘදු බව තුලින් සහැල්ලු කරගත් බලය, එකිනෙකට බැඳී පවත්නා තුලිත බල සංකලනය (යින්-‍යන්ග්), නම්‍ය ශීලීත්වය හා පාලනය, චී ශක්තිය ගලායාම හා ස්වභාවික ප්‍රතික්‍රියා මුල්කරගත් ශෛලියක් වන වින් චුන් හිදී ප්‍රතිවාදී ශක්තියට එරෙහිව ගැටීමට වඩා ශක්තියත් සමග ගලායාම මූලික කරගන්නවා. 
වින් චුන් වල බිහිවීම චීනයේ චිං රජ වංශයේදී සිදුවු බවට පැවසෙනවා. මෙසමයේ 99% ක් වූ 'හොං' ගෝත්‍රය චීනයේ 10% කටත් වඩා සුළු ගෝත්‍රයක් වූ 'මංචු'න් පාලනය කිරීමත්, ඔවුන්ගේ දරදඬු පාලනය හා අවි ආයුද තහනම් කිරීමත් නිසා 'හොං' ගෝත්‍රය මංචුන් ට එරෙහිව සටන් කිරීමට විප්ලවීය හමුදාවක් හැදීම දක්වාම දුරදිග යනවා.
ඔවුන් විසින් ප්‍රාරම්භ පාරම්පරික පුහුනුවීම් රහසේ කරගෙන යමට ෂා-ඕ-ලින් ආරාමය අභය භූමිය කරගැනීම නිසා මෙම සටනට ෂා-ඕ-ලින් ආරාමයත් පැටලෙනවා.  
සාමන්‍යයෙන් ෂා-ඕ-ලින් ආරාමය අශ්‍රිත පුහුනුවීම් වලින් සටනෙහි අතිදක්ෂයෙකු වීමට අවම වශයෙන් වසර 15 ත් 20 ත් අතර කාලයක් ගතවීම අවාසනාවන්ත තත්වයක් වූ නිසා ආරාමයෙහි ප්‍රධාන ගුරු භික්ෂූන් 5 දෙනෙක් එක්ව ඒ වනවිට පැවති ශෛලීන්ගෙන් ඉතාමත් ඵලදායි හා කාර්යක්ෂම කොටස් එක්කොට වසර 5ත් 7ත් අතර කලයකදී කෙනෙකු සටන් කාමියෙකු කලහැකි නව ශෛලියක් බිහිකරනවා.
නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මෙම ශෛලිය ක්‍රියාවේ යෙදවීමටත් පෙර තමයි මංචුන් විසින් ආරාමය ගිනිබත් කර සියල්ලන්ම කෲර ලෙස ඝාතනය කරීම සිදුවන්නෙ.
මෙහිදී ප්‍රධාන භික්ෂූන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකිවන්නේ 'නං මුයි' නම් භික්ෂුනියට පමනයි. ඇය මෙම ශෛලිය ගැන දැණුම ඈ විසින් හදාගත් අනාත දැරියකට ලබා දෙනවා. භික්ෂුනිය එම දැරියට යොදා තිබූ නම වූ වින්-චුන් (අනාගත බලාපොරොත්තුව) යන නාමය පසු කලකදී එම ශෛලිය හැඳින්වීම සඳහා යොදා ගන්නවා. ඇයගෙන් පසුව ඇයගේ සැමියාටත් පසුව කාලයාගේ අවෑමෙන් හොඳින් පරීක්ෂාකර තෝරගත් කිහිපදෙනෙකුට පමනක් ඉගැන්වීම සිදුවී තිබෙනවා.







Wing Chun is a martial art based on simplicity, relaxed power through softness, yin and yang, yielding and controlling, chi flow and natural responses. Wing Chun's principles go with the flow of energy rather than forcing against it. Wing Chun uses the power of relaxed softness to overcome an opponent's force.
                     The origin of Wing Chun can be traced back to the repressive Ching Dynasty which flourished over 300 years ago. This was the time when 90% of the Chinese people, The Hons, were ruled by the 10% minority, The Manchu's. The Manchu's imposed a great many unjust laws on the Hons which eventually led to the Manchu's banning the use of weapons by the Hons. When this happened the Hons began a revolutionary army, which started training in secret. The Shaolin Temple became the sanctuary for preparatory training in a classic style of fighting.
                    Unfortunately these styles took a person 15 to 20 years to master so the masters of the temple decided to create a new style whereby the training period was a lot smaller. Five of China's Grandmasters met to discuss the merits of the different styles between the various forms of Kung Fu. By choosing the most efficient techniques from these styles, they developed a technique that would allow efficient martial artists to be trained in 5 to 7 years, one-third of the original time frame. Before this new style could be put into practice, the Shaolin Temple was raided and burned by the Manchus.
Ng Mui, a nun, was the only survivor of the original five Grandmasters. She passed her knowledge onto a young orphan girl whom she named Wing Chun, a name which represented "Hope for the Future". In turn Wing Chun passed this knowledge onto her husband. Through the years the style became known as Wing Chun. Its techniques and teachings were passed on to a few, always carefully selected students