මෙතනින් සොයන්න

Thursday, October 21, 2010

වන් ෂොට් නොකවුට්

මේ වීඩියෝ වල තියෙන්නේ මොකක්ද දන්නවද? ටයිකොන්ඩෝ කාරයෙකුයි කික් බොක්සිං කාරයෙකුයි අතර සටනක්. සටනක් කිව්වට එක සටනක්ම නෙමෙයි. වන් ෂොට් නොකවුට් ....ඔයාලම බලන්නකෝ.....
ඔන්න මිතුරනේ කාලෙකට පස්සේ මම ආයිත් පෝස්ට් එකක් දාන්න හිතුවා. අද මම කියන්න යන්නේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ගැන. ක්‍රීඩාවක් කිව්වට ටයිකොන්ඩෝ සටන් කලාවකුත් වෙනවා. ටයිකොන්ඩෝ කියන්නේ කොරියාවෙ ජාතික සටන් කලාව. 
ඉස්සෙල්ලම බලමු ටයිකොන්ඩෝ කියන එකේ තේරුම. 'ටයි' (Tae) කියන්නේ පාදයෙන් පහර දී කඩාබිඳ දමනවට. එතකොට 'ක්වොන්' (kwon) කියන්නේ අත්පහරකින් යමක් කඩාබිඳ දැමීම. 'ඩෝ' (Do) කියන එකේ තේරුම තමයි මඟ නැත්නම් ක්‍රමය. එතකොට හිතාගන්න පුලුවන්නේ මොකක්ද තේරුම .
ටයිකොන්ඩෝ කියන්නේ අත්පහරවල් punching , පා පහරවල් kicking , ඉහලට පැන කරනු ලබන පා පහරවල් jumping kicks, ආවරනය කිරීම් blocks හා මඟහැරීම් dodges වල සංකලනයක් වූ ආත්මාරක්ෂක සටන් කලාවක්.ඇත්තටම ටයිකොන්ඩෝ වසර දෙදහස් ගනනක් තිස්සේ කොරියාව වටේට තියෙන අනිකුත් රටවල් වල තිබුනු සියලු සටන්කලාවන්ගෙන් පෝෂනය වුන සටන් කලාවක්.උදාහරණයක් විදිහට කිව්වොත් ටයිකොන්ඩෝ වල ජපන් ජාතික සටන්කලාව වන කරාටේ වල ඇති ක්ෂනික රෙඛීය සංචලන රටවන් abrupt linear movements of Karate හි ආභාෂයත් චීන සටන් කලාව වු කුංෆු වලටම ආවේනික වූ නම්යශීලී ගුවන් කරනම්, වක්‍රාකාර චලන රටාවන් හා පා පහර දීමේ තක්ෂණයත් circular patterns of Kung-fu with native kicking techniques (50 කට අධික වූ කුංෆු වක්‍රාකා අත්පහරවල් ටයිකොන්ඩෝ වල හඳුනාගත හැකිය ) බොහෝ දුරට දකින්න පුලුවන්. තවත් සාමන්‍යයෙන් අභාෂය ලබාගත් සටන් කලවන් විදිහට 'ටන්සු' T'ang-su , ටේක්යොන් Taek Kyon ( 'සුභක්' කියලත් කියනවා), ටයික්වොන් Taekwon , ක්වොන්පප් kwon pup , ටයික්වොන් පප් Taekwon pup, හඳුන්වන්න පුළුවන්. තව ජුඩෝ වලිනුත් සමහර දෙවල් අරගෙන තියෙනව
ඔහොම කියනකොට තමයි මට මතක් වුනේ මගෙ which one is the BEST..!!!! කෝකද හොඳ ? පෝස්ට් එකේ mixed martial arts තමයි හොඳ කියලා comment කරපු අසිත මිත්‍රයට  මෙකෙන් පිලිතුරක් ලබෙනව නෙද කියල. හැම සටන් කලාවක්ම තමන් තනියෙන්ම හැදුන ඒව නොවෙයි. හැම එකක්ම එකකට එකක් සම්බඳයි. ඇතුලෙ තියෙන හැමදේම එලියට පේන්නෙ නෑ. හරියට මුහුදෙ පාවෙන හිමකන්ඳක් වගේ... පේන්න තියෙන්නේ 1/10 යි. අනිත් කොටස් 9 ම වතුර යට... සටන් කලාවක් හොඳ වෙන්නේ ගොඩාක් වෙලාවට ඒක හදාරන ශිෂ්‍යයාගේ නිපුනත්වය හ කැපවීම මත. කෝප්පයක් අනිත්පැත්ත හරවල තියෙනකන් වතුර බව්සරයක් වැක්කෙරුවත් බිංදුවක් පුරවන්න බෑනේ. දැනටම වතුර පිරිල තියෙන වීදුරුවකටත් වතුර පුරවන්න කොහොමවත් බෑ.







Taekwondo is an empty-hand combat form that entails the use of the whole body. Tae means "to Kick" or "Smash with the feet," Kwon implies "punching" or "destroying with the hand or fist," and Do means "way" or "method." Taekwondo thus, is the technique of unarmed combat for self defense that involves the skillful application of techniques that include punching, jumping kicks, blocks, dodges, parrying actions with hands and feet. It is more than a mere physical fighting skill, representing as it does a way of thinking and a pattern of life requiring strict discipline. It is a system of training both the mind and the body in which great emphasis is placed on the development of the trainee's moral character."
Taekwondo is a martial art that in "todays" form of self defense has evolved by combining many different styles of martial arts that existed in Korea over the last 2,000 years and some martial arts styles from countries that surround Korea. Taekwondo incorporates the abrupt linear movements of Karate and the flowing, circular patterns of Kung-fu with native kicking techniques. Over fifty typically Chinese circular hand movements can be identified in modern Taekwondo. A few of the earlier martial arts styles that contributed to Taekwondo are: T'ang-su, Taek Kyon, also known as Subak, Tae Kwon, Kwonpup and Tae Kwonpup. There are also influences from Judo, Karate, and Kung-fu.

Thursday, September 9, 2010

බෲස්ලී ගෙ ජිට්-කොන්-ඩෝ ශෛලිය නිර්මාණයේ දී පදනම වූ 'වින්-චූන්' wing-chun (Hope for the Future)


අපේ ශ්‍රී ලංකාවට විතරක් නෙවි මුළු ලෝකෙටම බෲස්-ලී කියන්නේ සදා අමතක නොවෙන මහා වීර චරිතයක්. ඒ ඔහු අතිදක්ෂ සටන් නලුවෙකු වූ නිසාම නෙවෙයි,ඔහු විශිෂ්ට සටන් ශිල්පියෙක් වගෙමවිශිෂ්ට සටන් ගුරුවරයෙකු වූ නිසායි. 
බෲස්ලී
අදටත් ලොව ප්‍රචලිතම සටන් ශෛලියක් වන 'පහරක් නැවැත්වීමේ මග' හෙවත් 'ජිට්-කොන්-ඩෝ' හි නිර්මතෲ වන්නේත් ඔහුම තමයි (Jeet Kun Do - the way of stop hitting fist)
මමත් ඇත්තටම බෲස්ලී ගෙ රසිකයෙක් නිසාමත් මගෙ හොඳ රසිකයෙක් වින්-චුන් ගැන අහල තිබුන නිසාත් බෲස්ලී ගෙ ජිට්-කොන්-ඩෝ ශෛලිය නිර්මාණයේ දී පදනම වූ 'වින්-චූන්' wing-chun (Hope for the Future). කියන කුංෆු ශෛලිය ගැන යමක් මගේ මිතුරන් වෙනුවෙන් ඵල කිරීමට හිතුව. බෲස්ලී 'වින්-චූන්' ඉගෙන ගත්තේ ඔහුගේ ආදරනීය ගුරුවරයා වූ යිප්-මෑන් නම් දක්ෂ කුංෆු ගුරුවරයාගෙන්.
බෲස්ලී මාස්ටර් යිප්- මෑන් සමග
වින්-චූන් ශෛලිය අනිකුත් ශෛලීන් වලින් වෙනස් ස්වභාවයක් ගන්නවා. සරළ බව, මෘදු බව තුලින් සහැල්ලු කරගත් බලය, එකිනෙකට බැඳී පවත්නා තුලිත බල සංකලනය (යින්-‍යන්ග්), නම්‍ය ශීලීත්වය හා පාලනය, චී ශක්තිය ගලායාම හා ස්වභාවික ප්‍රතික්‍රියා මුල්කරගත් ශෛලියක් වන වින් චුන් හිදී ප්‍රතිවාදී ශක්තියට එරෙහිව ගැටීමට වඩා ශක්තියත් සමග ගලායාම මූලික කරගන්නවා. 
වින් චුන් වල බිහිවීම චීනයේ චිං රජ වංශයේදී සිදුවු බවට පැවසෙනවා. මෙසමයේ 99% ක් වූ 'හොං' ගෝත්‍රය චීනයේ 10% කටත් වඩා සුළු ගෝත්‍රයක් වූ 'මංචු'න් පාලනය කිරීමත්, ඔවුන්ගේ දරදඬු පාලනය හා අවි ආයුද තහනම් කිරීමත් නිසා 'හොං' ගෝත්‍රය මංචුන් ට එරෙහිව සටන් කිරීමට විප්ලවීය හමුදාවක් හැදීම දක්වාම දුරදිග යනවා.
ඔවුන් විසින් ප්‍රාරම්භ පාරම්පරික පුහුනුවීම් රහසේ කරගෙන යමට ෂා-ඕ-ලින් ආරාමය අභය භූමිය කරගැනීම නිසා මෙම සටනට ෂා-ඕ-ලින් ආරාමයත් පැටලෙනවා.  
සාමන්‍යයෙන් ෂා-ඕ-ලින් ආරාමය අශ්‍රිත පුහුනුවීම් වලින් සටනෙහි අතිදක්ෂයෙකු වීමට අවම වශයෙන් වසර 15 ත් 20 ත් අතර කාලයක් ගතවීම අවාසනාවන්ත තත්වයක් වූ නිසා ආරාමයෙහි ප්‍රධාන ගුරු භික්ෂූන් 5 දෙනෙක් එක්ව ඒ වනවිට පැවති ශෛලීන්ගෙන් ඉතාමත් ඵලදායි හා කාර්යක්ෂම කොටස් එක්කොට වසර 5ත් 7ත් අතර කලයකදී කෙනෙකු සටන් කාමියෙකු කලහැකි නව ශෛලියක් බිහිකරනවා.
නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මෙම ශෛලිය ක්‍රියාවේ යෙදවීමටත් පෙර තමයි මංචුන් විසින් ආරාමය ගිනිබත් කර සියල්ලන්ම කෲර ලෙස ඝාතනය කරීම සිදුවන්නෙ.
මෙහිදී ප්‍රධාන භික්ෂූන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකිවන්නේ 'නං මුයි' නම් භික්ෂුනියට පමනයි. ඇය මෙම ශෛලිය ගැන දැණුම ඈ විසින් හදාගත් අනාත දැරියකට ලබා දෙනවා. භික්ෂුනිය එම දැරියට යොදා තිබූ නම වූ වින්-චුන් (අනාගත බලාපොරොත්තුව) යන නාමය පසු කලකදී එම ශෛලිය හැඳින්වීම සඳහා යොදා ගන්නවා. ඇයගෙන් පසුව ඇයගේ සැමියාටත් පසුව කාලයාගේ අවෑමෙන් හොඳින් පරීක්ෂාකර තෝරගත් කිහිපදෙනෙකුට පමනක් ඉගැන්වීම සිදුවී තිබෙනවා.







Wing Chun is a martial art based on simplicity, relaxed power through softness, yin and yang, yielding and controlling, chi flow and natural responses. Wing Chun's principles go with the flow of energy rather than forcing against it. Wing Chun uses the power of relaxed softness to overcome an opponent's force.
                     The origin of Wing Chun can be traced back to the repressive Ching Dynasty which flourished over 300 years ago. This was the time when 90% of the Chinese people, The Hons, were ruled by the 10% minority, The Manchu's. The Manchu's imposed a great many unjust laws on the Hons which eventually led to the Manchu's banning the use of weapons by the Hons. When this happened the Hons began a revolutionary army, which started training in secret. The Shaolin Temple became the sanctuary for preparatory training in a classic style of fighting.
                    Unfortunately these styles took a person 15 to 20 years to master so the masters of the temple decided to create a new style whereby the training period was a lot smaller. Five of China's Grandmasters met to discuss the merits of the different styles between the various forms of Kung Fu. By choosing the most efficient techniques from these styles, they developed a technique that would allow efficient martial artists to be trained in 5 to 7 years, one-third of the original time frame. Before this new style could be put into practice, the Shaolin Temple was raided and burned by the Manchus.
Ng Mui, a nun, was the only survivor of the original five Grandmasters. She passed her knowledge onto a young orphan girl whom she named Wing Chun, a name which represented "Hope for the Future". In turn Wing Chun passed this knowledge onto her husband. Through the years the style became known as Wing Chun. Its techniques and teachings were passed on to a few, always carefully selected students

Thursday, September 2, 2010

කුංෆු ලෝකයේ ආශ්ච්‍යීය චී-ගොං කියන්නේ පිස්සු හදෙන ශෛලියක් තමයි.

ඔන්න යාලුවනේ ඊසාන්ගෙ කුංෆු වැඩ දැක්කට පස්සේ මට හිතුනා තව ටිකක් කුංෆු ගැන හොයන්න.හොයාගෙන හොයාගෙන යනකොට තමයි ෂා-ඕලින් Sha-o-lin පන්සලේ තියෙන ආශ්ච්‍යීයමත් චී-ගොං කියන පිස්සු හැදෙන ශෛලිය  ගැන දැක්කේ. ඒ අය කියන විදිහට නම් කුංෆු වල තියෙන හොඳම Style එක තමයි චී- ගොං Qi-Gong කියන්නේ. කුංෆු වල තියෙන අතිශය විචක්ෂණ ඥාණය most profound wisdom සහ අතිශය ගුප්ත ශක්තිය most mysterious power තමයි එ අය චී- ගොං කියල හඳුන්වන්නේ. එතකොට Qi 'චී' කියන්නේ Qi-Gong වල තියෙන ශ්වසන අභ්‍යාස සහ ක්‍රමානුකූල චලන රටා වලින් බිහිවෙන ශක්ති විශෙෂයක්. චීනුන් පිලිගන්නෙ මේ ශක්ති විශෙෂය රැඳෙන්නේ අපගෙ යටිබඩ අශ්‍රිත ප්‍රදෙශයක කියල. එකට කියන්නේ 'ඩැන්- ටියන්' Dan-Tian කියලයි.
චීන්නු නම් කියන්නේ මේ ශක්තිය කෙනෙකුට නිදහසේ ශරීරයේ ඕනම ප්‍රදේශයකට යොමුකිරීමෙන් අසමාන්‍ය ශක්තියක් නිදහස් කරන්න පුලුවන් කියල.
මේ වීඩියෝ එකේ පෙන්නනවා එහෙම චී බලය යොදාගෙන ඉඳිකට්ටකින් වීදුරුවක් හිල්වෙන්න ගහන එකක්. ඒ වගේම චී ශක්තිය යොදාගෙන ශරීරය වානේ වගේ ශක්තිමත් කරන හැටිත්, හිස ශක්තිමත් කිරීමෙන් නොයෙකුත් දැඩි දේවල් බිඳහෙලන හැටිත්.
ශරීරයෙ මෘදු තැන් දැඩි කරගෙන හෙල්ල, කඩු, මුගුරු වලට මුහුන දෙන හැටිත් මේ වීඩියෝ එකේ තියෙනවා. අතීතයේ සමහර අය චී-ගොං ගැන හිතාගෙන ඉඳල තියෙන්නේ ඉන්ද්‍රජාලික නැත්නම් අද්භූත දෙයක් විදිහට. නමුත් නවීන අද්‍යයනයන් විසින් මෙම චී බලය ශරීරය පුරා ගමන් කරන අයුරු තාප සන්වේදී උපකරන වලට ග්‍රහනය කෙරීමට සමත් වී තිබෙනවා. 
තවත් ගොඩක් දේවල් දැනගන්න මේ වීඩියෝ එක බලලම ඉමුකෝ.


      

However the most profound wisdom and the most mysterious power of kung fu is called ‘Qi-Gong’. Breathing and series of systematic of Qi-Gong produces a type of energy called ‘Qi’.
The Chinese believes that Qi or energy normally resides in a place they called ‘Dan-Tian’ in the lower abdomen.  Once you can freely direct this energy to a particular part of the body you can produce enormous power.
Direct the Qi to your arm and you through a needle and it can pierce a piece of glass. Use correctly Qi can make any part of the body as hard as steel.
They Train over the head, can break iron plates, bricks, sticks, and sterns. Hands can smash bricks and break sticks; feet can split of rocks and the stones. Even the most diligent parts of the body can become immune to scimitar (an Arab or Turkish sword with a curved blade that broadens out as it nears the point) or spear attack. The stomach can resist a Trajan’s staff or can break sticks. The throat can resist an attack by a spear.
In the past the mysterious Qi-Gong was treated as mystical or even as magic by some. But studies have found that the Qi movements of the body can be track by a heat detector. Of course the only way to maximize the Qi energy is by repeating the exercises day after day.
The human fists are fragile. Although often use in attacks fists are pawn to damage. If you wish to be more powerful you must strengthen them.   Paste a piece of paper on a wall. Punch it for 2 hours without stopping. Replace the paper when it’s broken. The wall maybe itinerates but eventually the hand becomes immune
Just watch the video… listen the rest and see how they practice……



Monday, August 30, 2010

ඊසාන් කියන්නෙ මිනිහ තමයි ලෝකෙටම පොර කියල. ඇෆ්ගනිස්තානයෙ කරාටේ චැම්පියන්ටත් ගහුවනේ

 'කෝකද හොඳ' කියල හොඳම සටන් කලාව හොයන්න බ්ලොග් එක පටන්ගත්තට මොකද කෝකද හොඳ කියල මටත් හිතාගන්න බෑ අපේ යාලුවන්ගෙ Comments දැක්කම. ඉතින් මම හිතුව ටිකක් හොයල බලන්න. ඒකට හොඳම විදිය අන්තර් ජාලයේ සැරිසැරීම නිසා නිකන් surf කරල බැලුව. මට මාර විඩියෝ ටිකක් හම්බවුනා. ඇෆ්ගනිස්තාන් ජාතික ඊසාන් ශාෆික් කියන්නේ ඇෆ්ගනිස්තානයේ විතරක් නෙවෙයි මුලු ලොකෙම හොල්ලපු කුංෆු කාරයෙක්. මිනිහ කියන්නෙ කුංෆු තමයි හොඳම කියල. එයාට ඒකට අයිතියක් තියෙනව කියල මටත් තෙරුනේ ඊසාන්ගෙ video දැක්කට පස්සෙ තමයි.
මේ video එකේ තියෙන්නෙ ඊසාන් ඇෆ්ගනිස්තානයෙ කරාටේ චැම්පියන් එක්ක ගහගන්න එකක්. රතු පාට පටියක් බැඳගෙන ඉන්නේ ඊසාන් තමයි. ඊසාන් 5 සැරයක් මහා බ්‍රිතාන්‍යයේ සටන්කලා ශූරයා සහ 1 සැරයක් යුරොපයෙම ශූරයා වෙලා තියෙනව.  කුංෆු, ටයිකොන්ඩෝ, තායි බොක්සිං, කරාටේ, ජුඩෝ වගේ හැම කලාවක් එක්කම fight කරල තමයි ඔය විදිහට champion වෙලා තියෙන්නේ. Fight 99 කින් 93ක්ම මිනිහ දිනල තියෙනෙව. දැන් ඉතින් ඔය කියෙව්ව මදෑ. බලලම ඉමුකෝ.




 

යාලුවනේ මං ලඟ තව ඊසාන් වෙන සටන්කලා ශූරයන් එක්ක fight කරන videos තියෙනව. එව්වත් ලඟදිම upload කරන්නම්. බලල නිකන් යන්නේ නැතිව comment එකකුත් දානවනම් තමයි හොඳ.

Ehsan Shafiq is an afghan kung fu champion, he always uses Spectacular and difficult techniques in his real fights, that's why people enjoy watching them. In here Ehsan is fighting with a national karate champion.


Ehsan Shafiq is a qualified Martial Arts instructor, as well as the British and European Martial Arts Champion. He has been studying and teaching Kung Fu for the past 19 years and has participated in many Martial Arts National and International Championships. He is the proud winner of 93 out of 99 fights in all different styles of Martial Arts, such as: Kung Fu, Karate, Teakwondo, Kick boxing, Sanshou and more.
Ehsan Shafiq is so-called: “The Best Kung Fu Fighter”.
He is five times UK Champion and once a European Champion.