මෙතනින් සොයන්න

Thursday, September 9, 2010

බෲස්ලී ගෙ ජිට්-කොන්-ඩෝ ශෛලිය නිර්මාණයේ දී පදනම වූ 'වින්-චූන්' wing-chun (Hope for the Future)


අපේ ශ්‍රී ලංකාවට විතරක් නෙවි මුළු ලෝකෙටම බෲස්-ලී කියන්නේ සදා අමතක නොවෙන මහා වීර චරිතයක්. ඒ ඔහු අතිදක්ෂ සටන් නලුවෙකු වූ නිසාම නෙවෙයි,ඔහු විශිෂ්ට සටන් ශිල්පියෙක් වගෙමවිශිෂ්ට සටන් ගුරුවරයෙකු වූ නිසායි. 
බෲස්ලී
අදටත් ලොව ප්‍රචලිතම සටන් ශෛලියක් වන 'පහරක් නැවැත්වීමේ මග' හෙවත් 'ජිට්-කොන්-ඩෝ' හි නිර්මතෲ වන්නේත් ඔහුම තමයි (Jeet Kun Do - the way of stop hitting fist)
මමත් ඇත්තටම බෲස්ලී ගෙ රසිකයෙක් නිසාමත් මගෙ හොඳ රසිකයෙක් වින්-චුන් ගැන අහල තිබුන නිසාත් බෲස්ලී ගෙ ජිට්-කොන්-ඩෝ ශෛලිය නිර්මාණයේ දී පදනම වූ 'වින්-චූන්' wing-chun (Hope for the Future). කියන කුංෆු ශෛලිය ගැන යමක් මගේ මිතුරන් වෙනුවෙන් ඵල කිරීමට හිතුව. බෲස්ලී 'වින්-චූන්' ඉගෙන ගත්තේ ඔහුගේ ආදරනීය ගුරුවරයා වූ යිප්-මෑන් නම් දක්ෂ කුංෆු ගුරුවරයාගෙන්.
බෲස්ලී මාස්ටර් යිප්- මෑන් සමග
වින්-චූන් ශෛලිය අනිකුත් ශෛලීන් වලින් වෙනස් ස්වභාවයක් ගන්නවා. සරළ බව, මෘදු බව තුලින් සහැල්ලු කරගත් බලය, එකිනෙකට බැඳී පවත්නා තුලිත බල සංකලනය (යින්-‍යන්ග්), නම්‍ය ශීලීත්වය හා පාලනය, චී ශක්තිය ගලායාම හා ස්වභාවික ප්‍රතික්‍රියා මුල්කරගත් ශෛලියක් වන වින් චුන් හිදී ප්‍රතිවාදී ශක්තියට එරෙහිව ගැටීමට වඩා ශක්තියත් සමග ගලායාම මූලික කරගන්නවා. 
වින් චුන් වල බිහිවීම චීනයේ චිං රජ වංශයේදී සිදුවු බවට පැවසෙනවා. මෙසමයේ 99% ක් වූ 'හොං' ගෝත්‍රය චීනයේ 10% කටත් වඩා සුළු ගෝත්‍රයක් වූ 'මංචු'න් පාලනය කිරීමත්, ඔවුන්ගේ දරදඬු පාලනය හා අවි ආයුද තහනම් කිරීමත් නිසා 'හොං' ගෝත්‍රය මංචුන් ට එරෙහිව සටන් කිරීමට විප්ලවීය හමුදාවක් හැදීම දක්වාම දුරදිග යනවා.
ඔවුන් විසින් ප්‍රාරම්භ පාරම්පරික පුහුනුවීම් රහසේ කරගෙන යමට ෂා-ඕ-ලින් ආරාමය අභය භූමිය කරගැනීම නිසා මෙම සටනට ෂා-ඕ-ලින් ආරාමයත් පැටලෙනවා.  
සාමන්‍යයෙන් ෂා-ඕ-ලින් ආරාමය අශ්‍රිත පුහුනුවීම් වලින් සටනෙහි අතිදක්ෂයෙකු වීමට අවම වශයෙන් වසර 15 ත් 20 ත් අතර කාලයක් ගතවීම අවාසනාවන්ත තත්වයක් වූ නිසා ආරාමයෙහි ප්‍රධාන ගුරු භික්ෂූන් 5 දෙනෙක් එක්ව ඒ වනවිට පැවති ශෛලීන්ගෙන් ඉතාමත් ඵලදායි හා කාර්යක්ෂම කොටස් එක්කොට වසර 5ත් 7ත් අතර කලයකදී කෙනෙකු සටන් කාමියෙකු කලහැකි නව ශෛලියක් බිහිකරනවා.
නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මෙම ශෛලිය ක්‍රියාවේ යෙදවීමටත් පෙර තමයි මංචුන් විසින් ආරාමය ගිනිබත් කර සියල්ලන්ම කෲර ලෙස ඝාතනය කරීම සිදුවන්නෙ.
මෙහිදී ප්‍රධාන භික්ෂූන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකිවන්නේ 'නං මුයි' නම් භික්ෂුනියට පමනයි. ඇය මෙම ශෛලිය ගැන දැණුම ඈ විසින් හදාගත් අනාත දැරියකට ලබා දෙනවා. භික්ෂුනිය එම දැරියට යොදා තිබූ නම වූ වින්-චුන් (අනාගත බලාපොරොත්තුව) යන නාමය පසු කලකදී එම ශෛලිය හැඳින්වීම සඳහා යොදා ගන්නවා. ඇයගෙන් පසුව ඇයගේ සැමියාටත් පසුව කාලයාගේ අවෑමෙන් හොඳින් පරීක්ෂාකර තෝරගත් කිහිපදෙනෙකුට පමනක් ඉගැන්වීම සිදුවී තිබෙනවා.







Wing Chun is a martial art based on simplicity, relaxed power through softness, yin and yang, yielding and controlling, chi flow and natural responses. Wing Chun's principles go with the flow of energy rather than forcing against it. Wing Chun uses the power of relaxed softness to overcome an opponent's force.
                     The origin of Wing Chun can be traced back to the repressive Ching Dynasty which flourished over 300 years ago. This was the time when 90% of the Chinese people, The Hons, were ruled by the 10% minority, The Manchu's. The Manchu's imposed a great many unjust laws on the Hons which eventually led to the Manchu's banning the use of weapons by the Hons. When this happened the Hons began a revolutionary army, which started training in secret. The Shaolin Temple became the sanctuary for preparatory training in a classic style of fighting.
                    Unfortunately these styles took a person 15 to 20 years to master so the masters of the temple decided to create a new style whereby the training period was a lot smaller. Five of China's Grandmasters met to discuss the merits of the different styles between the various forms of Kung Fu. By choosing the most efficient techniques from these styles, they developed a technique that would allow efficient martial artists to be trained in 5 to 7 years, one-third of the original time frame. Before this new style could be put into practice, the Shaolin Temple was raided and burned by the Manchus.
Ng Mui, a nun, was the only survivor of the original five Grandmasters. She passed her knowledge onto a young orphan girl whom she named Wing Chun, a name which represented "Hope for the Future". In turn Wing Chun passed this knowledge onto her husband. Through the years the style became known as Wing Chun. Its techniques and teachings were passed on to a few, always carefully selected students

Thursday, September 2, 2010

කුංෆු ලෝකයේ ආශ්ච්‍යීය චී-ගොං කියන්නේ පිස්සු හදෙන ශෛලියක් තමයි.

ඔන්න යාලුවනේ ඊසාන්ගෙ කුංෆු වැඩ දැක්කට පස්සේ මට හිතුනා තව ටිකක් කුංෆු ගැන හොයන්න.හොයාගෙන හොයාගෙන යනකොට තමයි ෂා-ඕලින් Sha-o-lin පන්සලේ තියෙන ආශ්ච්‍යීයමත් චී-ගොං කියන පිස්සු හැදෙන ශෛලිය  ගැන දැක්කේ. ඒ අය කියන විදිහට නම් කුංෆු වල තියෙන හොඳම Style එක තමයි චී- ගොං Qi-Gong කියන්නේ. කුංෆු වල තියෙන අතිශය විචක්ෂණ ඥාණය most profound wisdom සහ අතිශය ගුප්ත ශක්තිය most mysterious power තමයි එ අය චී- ගොං කියල හඳුන්වන්නේ. එතකොට Qi 'චී' කියන්නේ Qi-Gong වල තියෙන ශ්වසන අභ්‍යාස සහ ක්‍රමානුකූල චලන රටා වලින් බිහිවෙන ශක්ති විශෙෂයක්. චීනුන් පිලිගන්නෙ මේ ශක්ති විශෙෂය රැඳෙන්නේ අපගෙ යටිබඩ අශ්‍රිත ප්‍රදෙශයක කියල. එකට කියන්නේ 'ඩැන්- ටියන්' Dan-Tian කියලයි.
චීන්නු නම් කියන්නේ මේ ශක්තිය කෙනෙකුට නිදහසේ ශරීරයේ ඕනම ප්‍රදේශයකට යොමුකිරීමෙන් අසමාන්‍ය ශක්තියක් නිදහස් කරන්න පුලුවන් කියල.
මේ වීඩියෝ එකේ පෙන්නනවා එහෙම චී බලය යොදාගෙන ඉඳිකට්ටකින් වීදුරුවක් හිල්වෙන්න ගහන එකක්. ඒ වගේම චී ශක්තිය යොදාගෙන ශරීරය වානේ වගේ ශක්තිමත් කරන හැටිත්, හිස ශක්තිමත් කිරීමෙන් නොයෙකුත් දැඩි දේවල් බිඳහෙලන හැටිත්.
ශරීරයෙ මෘදු තැන් දැඩි කරගෙන හෙල්ල, කඩු, මුගුරු වලට මුහුන දෙන හැටිත් මේ වීඩියෝ එකේ තියෙනවා. අතීතයේ සමහර අය චී-ගොං ගැන හිතාගෙන ඉඳල තියෙන්නේ ඉන්ද්‍රජාලික නැත්නම් අද්භූත දෙයක් විදිහට. නමුත් නවීන අද්‍යයනයන් විසින් මෙම චී බලය ශරීරය පුරා ගමන් කරන අයුරු තාප සන්වේදී උපකරන වලට ග්‍රහනය කෙරීමට සමත් වී තිබෙනවා. 
තවත් ගොඩක් දේවල් දැනගන්න මේ වීඩියෝ එක බලලම ඉමුකෝ.


      

However the most profound wisdom and the most mysterious power of kung fu is called ‘Qi-Gong’. Breathing and series of systematic of Qi-Gong produces a type of energy called ‘Qi’.
The Chinese believes that Qi or energy normally resides in a place they called ‘Dan-Tian’ in the lower abdomen.  Once you can freely direct this energy to a particular part of the body you can produce enormous power.
Direct the Qi to your arm and you through a needle and it can pierce a piece of glass. Use correctly Qi can make any part of the body as hard as steel.
They Train over the head, can break iron plates, bricks, sticks, and sterns. Hands can smash bricks and break sticks; feet can split of rocks and the stones. Even the most diligent parts of the body can become immune to scimitar (an Arab or Turkish sword with a curved blade that broadens out as it nears the point) or spear attack. The stomach can resist a Trajan’s staff or can break sticks. The throat can resist an attack by a spear.
In the past the mysterious Qi-Gong was treated as mystical or even as magic by some. But studies have found that the Qi movements of the body can be track by a heat detector. Of course the only way to maximize the Qi energy is by repeating the exercises day after day.
The human fists are fragile. Although often use in attacks fists are pawn to damage. If you wish to be more powerful you must strengthen them.   Paste a piece of paper on a wall. Punch it for 2 hours without stopping. Replace the paper when it’s broken. The wall maybe itinerates but eventually the hand becomes immune
Just watch the video… listen the rest and see how they practice……



Monday, August 30, 2010

ඊසාන් කියන්නෙ මිනිහ තමයි ලෝකෙටම පොර කියල. ඇෆ්ගනිස්තානයෙ කරාටේ චැම්පියන්ටත් ගහුවනේ

 'කෝකද හොඳ' කියල හොඳම සටන් කලාව හොයන්න බ්ලොග් එක පටන්ගත්තට මොකද කෝකද හොඳ කියල මටත් හිතාගන්න බෑ අපේ යාලුවන්ගෙ Comments දැක්කම. ඉතින් මම හිතුව ටිකක් හොයල බලන්න. ඒකට හොඳම විදිය අන්තර් ජාලයේ සැරිසැරීම නිසා නිකන් surf කරල බැලුව. මට මාර විඩියෝ ටිකක් හම්බවුනා. ඇෆ්ගනිස්තාන් ජාතික ඊසාන් ශාෆික් කියන්නේ ඇෆ්ගනිස්තානයේ විතරක් නෙවෙයි මුලු ලොකෙම හොල්ලපු කුංෆු කාරයෙක්. මිනිහ කියන්නෙ කුංෆු තමයි හොඳම කියල. එයාට ඒකට අයිතියක් තියෙනව කියල මටත් තෙරුනේ ඊසාන්ගෙ video දැක්කට පස්සෙ තමයි.
මේ video එකේ තියෙන්නෙ ඊසාන් ඇෆ්ගනිස්තානයෙ කරාටේ චැම්පියන් එක්ක ගහගන්න එකක්. රතු පාට පටියක් බැඳගෙන ඉන්නේ ඊසාන් තමයි. ඊසාන් 5 සැරයක් මහා බ්‍රිතාන්‍යයේ සටන්කලා ශූරයා සහ 1 සැරයක් යුරොපයෙම ශූරයා වෙලා තියෙනව.  කුංෆු, ටයිකොන්ඩෝ, තායි බොක්සිං, කරාටේ, ජුඩෝ වගේ හැම කලාවක් එක්කම fight කරල තමයි ඔය විදිහට champion වෙලා තියෙන්නේ. Fight 99 කින් 93ක්ම මිනිහ දිනල තියෙනෙව. දැන් ඉතින් ඔය කියෙව්ව මදෑ. බලලම ඉමුකෝ.




 

යාලුවනේ මං ලඟ තව ඊසාන් වෙන සටන්කලා ශූරයන් එක්ක fight කරන videos තියෙනව. එව්වත් ලඟදිම upload කරන්නම්. බලල නිකන් යන්නේ නැතිව comment එකකුත් දානවනම් තමයි හොඳ.

Ehsan Shafiq is an afghan kung fu champion, he always uses Spectacular and difficult techniques in his real fights, that's why people enjoy watching them. In here Ehsan is fighting with a national karate champion.


Ehsan Shafiq is a qualified Martial Arts instructor, as well as the British and European Martial Arts Champion. He has been studying and teaching Kung Fu for the past 19 years and has participated in many Martial Arts National and International Championships. He is the proud winner of 93 out of 99 fights in all different styles of Martial Arts, such as: Kung Fu, Karate, Teakwondo, Kick boxing, Sanshou and more.
Ehsan Shafiq is so-called: “The Best Kung Fu Fighter”.
He is five times UK Champion and once a European Champion.

Friday, August 27, 2010

which one is the BEST..!!!! කෝකද හොඳ ?

යහලුවනේ,
ලෝකෙ නම් ඕනතරම් සටන් කලා තියෙනව තමයි. එත් ඉතින් ඔය කුංෆු, ටයිකොන්ඩෝ, තායි බොක්සිං, කරාටේ, ජුඩෝ, නින්ජිට්සු වගේ සටන් කලා කීපයක් තමයි මේ නවීන ලොකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ඔය අතරෙ අපේ අංගංපොර, ඉන්දියවෙ සිලම්බරම් වගෙ එව්වත් තියෙනව. මම කුංෆු ටිකකුයි ටයිකොන්ඩෝ ටිකකුයි නම් කරල තියෙනව. මටනම් ඉතින් හොඳ ඒ දෙක තමයි. ඒක එහෙම නෙමෙයි නම් ඕන සටනකට මත් ලෑස්තියි..... ගහගෙන බලමුද?  
Dear friends,
There are lot of Martial arts in this world. Some are ancient and and some are modern. But in my point of view Kung-fu, Taekwondo, Thai Boxing, Karate, Judo, and Ninjitsu are the most famous martial arts in the modern society. 
How can I say, which one is the Best..?.!
I have don some Kung-fu and Taekwondo and I would say those are the best. If anyone say no.....ring is open buddy..!!!!